දේශීය

මෙම අවධානම් මොහොතේ කැපවෙන සියලු අංශවලට සමස්ත ජාතියේම ගෞරවය

(UTV | කොළඹ) –  කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව ඉහළයාම සමස්ත රට වැසියන් මුහුණදෙන බලවත් අවදානමක් බවත් මෙම අවස්ථාවේදී සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සැලසීමෙහිලා නිරත වී සිටින සියලු අංශ වෙත සමස්ත ජාතියේ ගෞරවය, කෘතඥතාවය හා පූර්ණ සහය හිමිවිය යුතු බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනය කරයි.

අදාළ නිවේදනය පහතින් ,

“එම සිය අංශ මැනවින් කළමණාකරණය කීරිමට රජය දරණු ලබන උත්සාහයටද කිසිදු භේදයකින් තොරව සෑම පාර්ශවයකම පූර්ණ සහය ලබාදීම පැහැරහල නොහැකි වගකීමකි. විශේෂයෙන්ම මෙම තත්ත්වය හමුවේ වඩාත්ම දුෂ්කරතාවයන්ට මුහුණදෙන එදිනෙදා උපයන දෙයින් ස්වකීය දරු පවුල් නඩත්තු කරන ජනතාවට සහන සැලසීමෙහිලා වඩාත් ප්‍රායෝගික විධිමත් වැඩපිළිවෙලක් කෙරෙහි කඩිනමින් අවධානය යොමු කිරිම අත්‍යාවශ්‍ය වේ.

කෙසේ වුවද මෙවන් ජාතික ව්‍යසනයක් හමුවේ පොදු ජාතික අරමුණක් වෙනුවෙන් සමස්ත පුරවැසියන් දිශාගත කිරිම වගකිව යුතු රාජ්‍යකරණයක ප්‍රශස්ත ලක්ෂණයකි. එබැවින් මේ වන විටද හිටපු අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා හා අනෙකුත් පක්ෂ නායකයින් වෙළඳ මන්ත්‍රණ සභා හා සිවිල් සමාජ නායකයන්ද පෙන්වා දී ඇති පරිදි සියළු පාර්ශවයන්ගේ අදහස් පිළිබඳව සැලකිලිමත්ව සාමුහික තීරණයන්ට එළැඹීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම කෙරෙහි අවධානය යොමුකරන ලෙස ගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන් ඇතුළු රජයෙන් හිටපු කථානායකවරයා වශයෙන් ඉල්ලා සිටිමි. ( එවැනි කැඳවීමකදීද කිසියම් පුද්ගල ඒකරාශීවිමක් සිදුවන බැවින් නිසි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරිම සිදුවිය යුතු බව විශ්වාස කරමි.)

මෙය වසංගත තත්වයට මුහුණදීමේදී මනා අවබෝධයකින් යුතුව රජය හා විපක්ෂය එක්ව සාමුහික තීන්දු ගැනීමට මේ වන විටත් ලොව රටවල් ගණනාවක් විශිෂ්ඨ අන්දමින් ක්‍රියාකර ඇති ආකාරයද සැලකිල්ලට ගනිමින් අපගේ මාතෘභුමිය හා ජනතාව වෙනුවෙන් ඉතා සත්භාවයෙන් යුතුව සිදුකරන කරුණු පෙන්වාදීමක් ලෙස සලකන මෙන්ද ඉල්ලා සිටිමි”.

Related posts

බාහිර බලපෑම් මත කිසිවෙකුත් අත්අඩංගුවට නොගන්න – ජනපති

Mohamed Dilsad

ඉන්දියාවේ මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුල්වීම තහනම් කරයි [RELEASE]

Mohamed Dilsad

තෙල් සංස්ථාවෙන් ලංවිමට ණය දීමේ සීමාව ඉහලට

Mohamed Dilsad

Leave a Comment