දේශීයප්‍රමුඛ පුවත 1

ඇදිරි නීති කාලය තුළ මාර්ග වල සිටි 291 අත්අඩංගුවේ

(UTV |කොළඹ) – ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 291 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගිය සිකුරාදා පස්වරු 6.00 සිට අද(22) උදෑසන 6.00 දක්වා කාලය තුළ දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මගින් එම පිරිස් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මූලස්ථානය නිවේදනය කළේ මහමාර්ගයේ නිකරුණේ ගැවසීම සම්බන්ධයෙන් ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඊට අමතරව වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, වෙළෙඳාම් කිරීම, ක්‍රීඩා පිටියක පිරිසක් වශයෙන් රැස්ව මත්පැන් පානය කිරීම සහ බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම යනාදි කරුණු මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

නව ඖෂධ නිෂ්පාදනාගාරය ජනපති අතින් විවෘතයි

Mohamed Dilsad

චූදිත නිලධාරීන් පොලීසියේ තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලා ගම්මන්පිළ පෙත්සමක් අත්සන් කරයි.

Editor O

නීති විරෝදී ජාවාරමකට සම්බන්ධ මෙරට පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment