දේශීයප්‍රමුඛ පුවත 1

නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා යැයි සැක ගැබිණි මව්වරුන් වෙනුවෙන් වෙන්කරයි

(UTV| කොළඹ) – මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා ආසාදිත යැයි සැක කෙරෙන ගැබිණි මව්වරුන් සඳහා ද , කාසල් වීදියේ කාන්තා රෝහල ද ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත පවසයි.

මේ සියලු ප්‍රතිකාර විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවද ඒ මහතා අවධාරණය කරයි.

හෝමගම මූලික රෝහල කොවිඩ් 19 සැකකරන පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදීමට සූදානම් කර තිබේ. වොයිස් ඔෆ් ඇමෙරිකා ගොඩනැගිලි සංකීර්ණය යුද හමුදාවේ සහාය ඇතිව නවීකරණය කර ප්‍රතිකාර සඳහා සූදානම් කර ඇත.

මේ අතර කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ රෝහලේ ඇදන් 30ක් සහිත දැඩි සත්කාර ඒකකාය් සූදානම් කර තිබේ.

මීට අමතරව මුල්ලේරියාව රෝහල ද නවීකරණය කර ප්‍රතිකාර සඳහා සූදානම් කර තිබේ

Related posts

කාලගුණ අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නිලධාරියා CID බාරයට [UPDATE]

Mohamed Dilsad

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනිමේ නිල උත්සවය 17..

Mohamed Dilsad

Leave a Comment