දේශීයප්‍රමුඛ පුවත 1

උතුරු දිස්ත්‍රික්ක 05ක ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අනිද්දා උදෑසන 6 දක්වා දීර්ඝ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම දිස්ත්‍රික්කවලට උදෑසන 6ට ඉවත් කෙරෙන ඇදිරි නීතිය දහවල් 2ට යළි පනවන බවයි.

මෙම දිස්ත්‍රික්ක පහේ වෙසෙන ජනතාවට තමන් අයත් දිස්ත්‍රික්කයෙන් පිටතට ගමන් කිරීම තහනම් කර ඇත.

ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ පසුගිය දිනවල උතුරේ චාරිකා කළ ස්විට්සර්ලන්තයෙන් පැමිණි කොරෝනා වෛසරසය ආසාදිත දේවගැතිවරයා හමුවූ සහ ඇසුරු කළ සියළු දෙනා හදුනා ගන්නා තෙක් මෙම ගමන් තහනම ක්‍රියාත්මක බවයි.

Related posts

බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද සිට

Mohamed Dilsad

මැතිවරණය පැවැත්වෙන දිනයේ විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු ගැන දැනුවත් කිරීමක්

Editor O

2018 ඡන්ද හිමි නාමලේඛණය සහතික කිරිම අද

Mohamed Dilsad

Leave a Comment