විදෙස්

ඉදිරි පැය 48 තුළ සිඩ්නි සහ මෙල්බන් නගර වසා දැමීමට යයි

(UTV | කොළඹ) –  කොවිඩ් 19 වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ ඉදිරි පැය 48ක කාලය තුළ ඕස්ට්‍රේලියාවේ විශාලතම නගර දෙක වන සිඩ්නි සහ මෙල්බන් නගර වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

ඇතිව තිබෙන තත්ත්වය හමුවේ කැන්බරා අගනුවර අවහන්හල් සහ ආපනශාලා වසා දැමීමට මේ වන විටත් එරට රජය නිවේදනය කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1315 දක්වා ඉහළ යාමත් සමඟ වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම සීමා කිරීම් සිදුකරන බව අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කළේය.

පසුගියදා ඕස්ට්‍රේලියානු රජය විසින් එරටට පැමිණෙන සංචාරකයන්ට තහනමක් ද පනවනු ලැබීය.

Related posts

යුක්රේනයේ හෝටලයක ගින්නක් – පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

ඩොලරය නැගිටියි

Mohamed Dilsad

නෞකා 2 ක් එකිනෙක ගැටෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment