දේශීයප්‍රමුඛ පුවත 1

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපය ඇදිරි නීතිය දික් කෙරේ[RELEASE]

(UTV |කොළඹ) – කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(24) උදේ 6.00ට ඉවත් කෙරේ.

මේ දිස්ත්‍රික්කවල හෙට දහවල් 12.00ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එය 27 වන සිකුරාදා උදේ 6.00 තෙක් බලපැවැත් වෙයි.

මේ දිස්ත්‍රික්කවල 27 දහවල් 12.00ට ඇඳිරි නීතිය යළි පනවනු ලැබේ.

මේ අතර කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා අද(23) උදෑසන ඉවත් කළ ඇඳිරි නීතිය යළි අද සවස 2 ට බලපැවැත් වෙයි.

ඒ අනුව එය 26 වන බ්‍රස්පතින්දා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00 ට නැවත පනවනු ලැබේ.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

 

Related posts

සමගි ජන බලවේගය, දිස්ත්‍රික් 10ක් සඳහා නායකයින් පත් කරයි.

Editor O

උදයංග වීරතුංග අධිකරණයේ පෙනී සිටීමට සුදානම්

Mohamed Dilsad

ජනතාව ව්‍යවසායකයන් කර රට දියුණු කිරීම පක්ෂයේ අරමුණයි – සර්ව ජනබලය නායක දිලිත් ජයවීර

Editor O

Leave a Comment