දේශීය

කොරෝනා මැඩලන්න රනිල්ගෙන් කොන්දේසි විරහිත සහයෝගය

(UTV | කොළඹ) –  කොරෝනා මර්දන වැඩපිළිවෙල සඳහා සියලු පාර්ශවයන්ගේ එකතුවෙන් යුත් විධිමත් වැඩපිළිවෙලක් දියත් කළහැකි බලතල සහිත සම්බන්ධීකරණ කමිටුවක් පත් කරන ලෙසට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

දැනට පත් කර ඇති කාර්යය සාධක බලකාය මෙම වසංගත තත්වයට මුහුණදීම සඳහා ප්‍රමාණවත් නොවන බව ද ඔහු සඳහන් කරයි.

මෙරට වත්මන් තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

කොරෝනා වසංගත තත්ත්වය තුරන් කිරීම සඳහා අවංක චේතනාවෙන් කරන ඕනෑම කාර්යයක් සඳහා කොන්දේසි විරහිතව සහය දැක්වීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවද ඔහු කියා සිටියි.

කොරෝනා වසංගතය රටතුලට ඇතුලුවීම වැළැක්වීමට අවශ්‍ය පියවර රජය විසින් නිසි වේලිවේදී නොගැනීම හේතුවෙන් ජනතාවගේ ජීවිත අවදානමකට මුහුණ දී සිටින බවත් ඔහු මඳහන් කරයි.

කොරෝනා වසංගත තත්ත්වයට මුහුණදීමට අවශ්‍ය මුදල් බාධාවකින් තොරව ලබාගැනීමට ඇති එකම විකල්පය වන්නේ පාර්ලිමේන්තුව නැවත කැඳවීම පමණක් බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

Related posts

ශ්‍රී ලංකා රුපියලේ ඉතිහාසයේ අඩුම අගය අද

Mohamed Dilsad

විදුලි සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

Mohamed Dilsad

ඉටුකම ශේෂය රුපියල් කෝටි 151 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment