(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තවීම වැළැක්වීමේ වැඩපිළිවෙලට පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ සහය ලබාගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ඒ , රජයේ උපදෙස් පරිදි කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමිනුයි.
පක්ෂ නායකයන් සහ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද පැවති හමුවේදී මෙම තීරණයට එළැඹ ඇත.
අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සම්බන්ධයෙන් දැනට රජය ක්‍රියාත්මක කරන ක්‍රමවේද පිළිබඳවද අවධානය යොමු විය.
අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ සතොස සහ සමූපකාර මගින් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමේ පහසුකම් සළසා ඇති අතර, ඉදිරියේදී එම යාන්ත්‍රණය තවදුරටත් විධිමත් කිරීමට පියවර ගන්නා බවයි.
එහිදී රනිල් වික්‍රමසිංහ රජය ගෙන යන සෞඛ්‍ය වැඩපිළිවෙල අගය කර ඇති අතර, ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක කරන අතර, අත්‍යාවශ්‍ය නොවන රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු තවදුරටත් දීර්ඝ කරන ලෙසද යෝජනා කර ඇත.
ආර්ථිකයට වන හානිය අවම කරමින් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට පහසුකම් සලසාදෙල ලෙස හිටපු කථානායක කරූ ජයසූරිය මහතා මෙහිදී අවධාරණය කර ඇත.
මෙහිදී පක්ෂ නායකයන් කිහිපදෙනෙකුම නැවත පාර්ලිමේන්තුව රැස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කළ නමුත් බහුතරයකගේ අදහස වී ඇත්තේ පාර්ලිමේන්තුව ජනතාවට ආදර්ශයක් වෙමින් කොරෝනා මර්දන ජාතික වැඩපිළිවෙලක් වෙනුවෙන් දායක විය යුතු බවටයි.