දේශීය

කොරෝනාවෙන් වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීමට උපදෙස් මාලාවක්

(UTV|කොළඹ) – ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමය විසින් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සමඟ වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

වෛරසයේ ව්‍යාප්තිය සමඟ දැඩි අවදානමකට ලක්වන පුද්ගල කණ්ඩායම ලෙස වයසින් වැඩි පිරිස හඳුනා ගෙන ඇති බව එහි සභාපතිනි වෛද්‍ය පද්මා.එස්.ගුණරත්න මහත්මිය පවසා සිටියේය.

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් වයස් ගත ජනගහනය ලක්ෂ 3 ක් පමණ වන බවත් ඇය සඳහන් කරයි.

මේ අතර ‍නිවෙස් තුළ සිටින වැඩිහිටියන් මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශය විසින් පවත්වා ගෙන යන වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන් ද පහත උපදෙස් පිළිපැදිය යුතු බව වෛද්‍යවරිය සඳහන් කරයි.

‍1.මෙම වෛරසය වැඩිහිටි ඔබට ඉතා අවදානම් සහිත බැවින් අන් අයට සමීප වීමෙන් වළකින්න.

2.රෝහ‍ල් සායන වෙත යෑම අවම කර ඔබගේ ඖෂධ අන් අයකු මඟින් සමීපයේ ඇති ඔසුසලකින් ලබා ගෙන නිතිපතා භාවිතා කරන්න.

3.දෑත් සබන් දා නිතර සෝදන්න.

4.අන් අය සමඟ කතා කරන විට අවම වශයෙන් අඩි 3 ක පරතරයක් තබා ගන්න.

5.දරු මුණුබුරන් ඇතුළු පවුලේ අය සිප වැළඳ ගැනීමෙන් වළකින්න.

6.කහින විට හා කිවිසුම් යන විට මුඛ්‍ය හා නාසය වැලමිටෙන් ආවරණය කර ගන්න.

7.අමුත්තන් නිවෙසට ගෙන්වා ගැනීමෙන් හා පිරිස් වශයෙන් රැස්වීමෙන් වළකින්න.

8.අත්‍යාවශ්‍ය කරුණක් සඳහා නිවෙසෙන් පිටවන සෑම විටම මුඛ ආවරණයක් පළඳින්න.

9.නිතර උණුසුම් ජලය පානය කරන්න.

10.සිසිල් බීම පානය කිරීමෙන් වළකින්න.

11.සිත සැහැල්ලුවෙන් තබා ගන්න.

12.සුව නින්දක් හා පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගන්න.

13.මීට අමතරව වයස් කාණ්ඩ බලන විට වැඩිහිටියන් මෙම රෝගය වැළඳිමේ අවදානම ප්‍රතිශතයක් ලෙස වයස අවුරුදු 80ට වැඩි කාණ්ඩයට සියයට 15 ක්, අවුරුදු 70-79 අතර සියයට 9ක් හා අවුරුදු 60-69 කාණ්ඩයට සියයට 3.8 ක් ද බව ද එම නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව මෙම තත්ත්වය පාලනය වන තුරු වැඩිහිටියන් උපදෙස් අනුගමනය කරමින් තම වාසස්ථානයේම සුරක්ෂිතව පසුවිය යුතු බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාල‍ය නිවේදනය කරයි.

Related posts

සුවසැරියට වසර පහයි

Mohamed Dilsad

බේකරි නිෂ්පාදනවල මිල යළිත් ඉහළ දැමීමේ සූදානමක්

Mohamed Dilsad

පෙට්‍රල් ගහලා සල්ලි නොදී පළාගිය මෝටර් රථය -CCTV

Mohamed Dilsad

Leave a Comment