දේශීය

අත්‍යාවශ්‍ය සේවා වලට එල්ල වන බාධාවන් ගැන දැනුම් දෙන්න

(UTV |කොළඹ) – ඇදිරි නීතිය පවතින කාලය තුළ අත්‍යාවශ්‍ය සේවාවල යෙදෙන්නන්ට පොලීසියෙන් බාධා එල්ලවන්නේ නම් දැනුම් දීම් සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 1 1 9 හදිසි ඇමතුම් අංකයට හෝ 011 2 44 44 80 සහ 011 2 44 44 81 දුරකථන අංක අමතා ඒ පිළිබඳ දැනුම්දිය හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

විශේෂයෙන් තේ දළු, පොහොර සහ අත්‍යාවශ්‍ය සේවාවල නිරතවන පිරිස්  සඳහා ඇඳිරි නීතිය බල නොපාන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ එය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 3700 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර යතුරුපැදි, ත්‍රීරෝද රථ ඇතුළු වාහන 715ක් පොලිස් භාරයට ගෙන තිබේ.

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

දෙනුවර මැණිකේ අද සිට දිනපතා ධාවනයට

Mohamed Dilsad

ඇමති කංචන ට PUCSL සභාපතිගෙන් පිළිතුරු

Mohamed Dilsad

Leave a Comment