දේශීයප්‍රමුඛ පුවත 1

අත්‍යාවශ්‍ය ආහාර බෙදාහැරීමේ විශේෂ යාන්ත්‍රණයක් – වාණිජ බැංකු විවෘතව තබන්නැයි උපදෙස්

(UTV | කොළඹ) –  දිවයින තුළ කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කරනු ලැබීය.

ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ඒකාබද්ධව ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් , කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී ජන ජීවිතය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය සහ පසුවිපරම මෙහිදී සිදුකරනු ලබන බවත්ය.

සමස්ථ ක්‍රියාදාමය කොරෝනා මර්දනයට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගෙනයන වැඩපිළිවෙළට යටත්ව විය යුතු අතර , ජන ජීවිතය බිඳ නොවැටෙන ආකාරයෙන් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම ද අවශ්‍ය කරුණකි.

අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, බැංකු ප්‍රධානීන්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවේ දී තීරණ රැසකට එළැඹෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

සහල්, පොල්, එළවළු, බිත්තර, කුකුළු මස් හිඟයකින් තොරව සැපයීමේ හැකියාව පවතින බවත් , මේවා ගොවීන්ගෙන් සහ නිෂ්පාදකයන්ගෙන් නිසි පරිදි මිලදී ගෙන සමූපකාර සහ සුපිරිද වෙළෙඳසැල් ඒකාබද්ධව අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් සකස් කර ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් විධිමත්ව බෙදාහැරිය හැකි බව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

රජයේ රෝහල්වල ලියාපදිංචිව අඛණ්ඩව ඖෂධ මිලදීගන්නා රෝගීන්ට අදාළ බෙහෙත් වට්ටේරුවලට අනුව නිවසටම ඖෂධ බෙදාහැරීමටතීරණය කෙරිණ.

පෞද්ගලික ෆාමසිවලින් ඖෂධ මිලට ගන්නා රෝගීන්ට ප්‍රාදේශීයව තෝරාගත් ෆාමසි කිහිපයක් නම් කර නිවසටම බෙදාහැරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ද එහිදී සාකච්ඡා කෙරුණි.

වෙළෙඳ සහ අත්‍යාවශ්‍ය කටයුතුවලට දායක වන අයුරින් වාණිජ බැංකු විවෘතව තැබීමට පියවර ගන්නා ලෙස ද, ඒවායේ ප්‍රධානීන්ට දැනුම් දෙනු ලැබීය.

දුරකථන ඇණවුම් මගින් නිවෙස් වෙතම ගෑස් බෙදාහැරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ද බැසිල් රාජපක්ෂ මහතා එම ආයතනවලින් ඉල්ලා සිටියේය.

සමස්ත ව්‍යාපෘතියේ අරමුණ ජනතාව ඒකරාශිවීම වළක්වා කොරෝනා වෛරසය මර්දනයට සෞඛ්‍ය අංශ ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමයි.

Related posts

පුජිතට හා හේමසිරිට එරෙහි පෙත්සමට දින තීන්දු වෙයි.

Mohamed Dilsad

දුන්හිඳ දිය ඇල්ලේ නැරඹුම් මාර්ගය විවෘත කරයි

Mohamed Dilsad

ගෝඨාභය දිනුව හොත් ජීවිත තර්ජන ගැන භියක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment