දේශීය

නිරෝධායනය වූ තෙවන කණ්ඩායමත් අද නිවෙස්වලට

(UTV |කොළඹ ) – අද(26) දිනයේ විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටි තවත් පිරිසක් සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිතව තිබේ.

163 දෙනෙකු අද දිනයේ නිවෙස්වලට පිටත් කර හැරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

මේ වන විට නිරෝධායනයට ලක්වු පුද්ගලයින් 512 දෙනෙකු සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට කටයුතු කර තිබේ.

තවත් තුන්දහසකට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල රැදි සිටින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

Related posts

බූස්ස බන්ධනාගාරය තුළට ජංගම දුරකතන සංඥා අවහිර කිරීමේ යන්ත්‍රයක්

Mohamed Dilsad

පාකිස්තානයෙන් බාස්මතී ආනයනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment