දේශීය

එක් ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර කෘතිම ශ්වසනය

(UTV | කොළඹ) –  එක් ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර  කෘතිම ශ්වසනය ලබා දිය  හැකි වන පරිදි එම යන්ත්‍ර වැඩි දියුණු කිරීමට මහනුවර ජාතික රෝහලේ හෘද උරස් ඒකකයේ හෙද නිලධාරියෙක් වන ගාල්ලේ බිහාන් හිමාෂණ හපුතන්ත්‍රි මහතා සමත් ව ඇත.

කොරෝනා රෝගීන් ප්‍රමාණය වැඩි වුවහොත් දැනට ශ්‍රී ලංකාවේ දැඩි සත්කාර ඒකක වල තිබෙන කෘතිම ස්වසනය ලබා දිය හැකි  යන්ත්‍ර 500 මගින් මෙම වැඩිදියුණු කරන ලද උපකරණ යොදා ගනිමින් විශාල රෝගීන් ප්‍රමාණයකට කෘතිම ස්වසනය ලබා දීමට හැකියාවක් පවතියි.

මෙම කාර්යයේ දී නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජගති පෙරේරා මහත්මියගෙන් ලැබුණු සහයෝගය ඉතාමත් අගය කරන බව ද බිහාන් හපුතන්ත්‍රි මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

අලුත් ජාතික හැදුනුම්පතක් අලුත් මිලකට

Mohamed Dilsad

ලැබුණ ජනවරම නොතකන වත්මන් ආණ්ඩුව රනිල් සරණ යනවා. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ට සති අන්තයේදී කොවිඩ් එන්තත්

Mohamed Dilsad

Leave a Comment