දේශීය

කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවකයින් නිවෙස් වෙතට

(UTV | කොළඹ) – කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවය කරමින් සිටි පිරිස් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යෑමේ වැඩසටහන අද (27) ආරම්භ කර ඇත.

ඒ අනුව 5,000 කට අධික පිරිසක් කටුනායක අපනයන සැකසුම් කළාපය වෙත අලුයම 5.00 සිට පැමිණ සිටින බව වාර්තා වෙයි.

මෙසේ කටුනායක අපනයන සැකසුම් කළාපය වෙත පැමිණි සේවක පිරිස් මුලින්ම කටුනායක පොලීසිය පිහිටුවා ඇති මධ්‍යස්ථානයේ ලියාපදිංචි විය යුතුයි.

ඉන් අනතුරුව ඔවුන් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කර බස් රථ වෙත ඇතුළු කිරීම සිදු කරයි.

Related posts

දේශීය අදායම් දෙපාර්තමේන්තුවෙන් නව චක්‍රලේඛයක්

Mohamed Dilsad

කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධූරය, ශ්‍රී ලාංකීය සම්භව්‍ය ඇති ආනන්දසංගරී ට

Editor O

මහ බැංකු අධිපති හෙළිකළ අපේක්ෂාව

Mohamed Dilsad

Leave a Comment