දේශීය

යුද හමුදාපතිවරයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක

(UTV|දඹුල්ල) – යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (27) දහවල් හදිසියේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය.

ඒ ඉහළ ගිය එළවළු මිල පිළිබඳව සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි වෙළඳ කණ්ඩායම් පිළිබඳව සොයා බැලීම සඳහාය.

හදිසියේම යුද හමුදාපතිවරයා ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වී වෙළෙන්දන් සමඟ සහ ගොවීන් සමඟ කතා බහක නිරත විය.

එලවළු අලෙවි කිරීමේදී සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ විශාල තදබදයක් පවතින බවත් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මාධ්‍ය වල ප්‍රචාරය වීම පිළිබඳව සොයා බැලීමට පැමිණි බවත්  ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී කියා සිටියේය.

 

Related posts

සියලු නාවික හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

Mohamed Dilsad

දිවයින පුරා වැටලීමකින් 3,871 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

“මෙරට තිබෙන ප්‍රශ්න ඩොලර් හිඟාකාලා විසඳන්න බෑ”

Mohamed Dilsad

Leave a Comment