දේශීය

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් විශේෂ ඉල්ලීමක්

(UTV | කොළඹ) – ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසය දිවයින තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රජය ඉල්ලා සිටියි.

රට තුළට වෛරසය පැමිණීම සහ පැතිරයාම වැළැක්වීමේ පියවරක් ලෙස විදේශවලින් මෙරටට පැමිණීම සම්පූර්ණයෙන් අත්හිටුවනු ලැබීය.

විදේශගත සිසුන්, ව්‍යාපාරිකයන් සහ රැකියාවල නිරත පිරිස් මෙරටට පැමිණීමට කරන ඉල්ලීම් රට තුළ කොරෝනා වෛරසය මර්දනය කොට තත්ත්වය යහපත් අතට හැරීමෙන් පසු සලකා බලන බව රජය දැනුම් දෙයි.

මේ වන විට තමන් සිටින ස්ථානවලින් ගුවන් තොටුපොළවලට හෝ වෙනත් ස්ථාන වෙත ගමන් කිරීමෙන් ඔවුනට ද මේ රෝගය වැළඳීමේ අවදානමක් පවතී.

මවුබිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ඉල්ලා සිටින්නේ තමන් පිළිබඳ තොරතුරු අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ, කොන්සියුලර් ජනරාල් කර්යාලය හෝ සමග හුවමාරු කර ගනිමින් සුරක්ෂිතව සිටින ලෙසයි.

Related posts

ලක්ෂ 400 කට අධික රත්තරන් තොගයක් අල්ලයි

Mohamed Dilsad

මෙතෙක් දිනක වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ දිනයේදී

Mohamed Dilsad

එක්දින ජයත් රාජකීයන් අතට

Mohamed Dilsad

Leave a Comment