දේශීය

ඇදිරි නීතිය නොතකමින් මත්පැන් අලෙවි කළ වෙළඳ සැලකට මුද්‍රා තබයි

(UTV | කොළඹ) –  දිවයින පුරා ඇදිරි නීතිය පනවා තිබියදී එය නොතකමින් මහජනතාව සදහා විවෘත කොට මත්පැන් අලෙවියෙහි යෙදී සිටි කොහුවල පිහිටි ප්‍රසිද්ධ සුපිරි වෙලද සැලක් වටලා ඊට මුද්‍රා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ නගරය සුරාබදු ස්ථානයේ නිලධාරීන් ක්‍රියා කර තිබේ.

මහජනතාවගෙන් ලද පැමිණිලි මත ව්‍යාජ ගැණුම් කරුවකු යොදවා මෙම වැටලීම සිදුකොට ඇති අතර ප්‍රසිද්ධ සුපිරි වෙළදසැල අභ්‍යන්තරයෙහි පිහිටා ඇති මත්පැන් අලෙවි කිරීමේ අංශයට මුද්‍රා තැබීමටත් එම බලපත්‍රධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නාතෙක් එම බලපත්‍රය අත්හිටුවීමටත් කටයුතු කොට ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේ, ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් 2020.03.21 දින “ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබද නිවේදනය” යන මැයෙන් යුතුව නිකුත් කරන ලද නිවේදනයට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශ සදහා පනවා ඇති ඇදිරි නීතිය නැවත පනවන තෙක් තාවකාලිකව ඉවත් කරනු ලබන කාලසීමාවන් ඇතුලත දී එම ප්‍රදේශවල පිහිටා ඇති මත්පැන් විකිණීම සදහා සුරාබදු බලපත්‍ර ලත් සියලුම ස්ථාන වසා තැබිය යුතු බව රජය විසින් ප්‍රකාශයට පත්කොට ඇත.

Related posts

ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානයට යයි.

Editor O

ලිට්‍රෝ ගෑස් මිල පහළට

Mohamed Dilsad

ශල්‍යකර්ම නතර කිරීම ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment