දේශීය

කොරෝනා වෛරසයෙන් මිය ගිය ලාංකිකයාගේ අවසන් කටයුතු ස්විට්සර්ලන්තයේදීම

(UTV | කොළඹ) – කොවිඩ් නයින්ටීන් ආසාදනය ස්විට්සර්ලන්තයෙන් දී මිය ගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එරටදීම සිදුකරන බව වාර්තා වෙයි.

මෙම පුද්ගලයාගේ මරණයට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එරට පිහිටි තනාපති කාර්යාලය සමග සිදු කරන බව විදේශ සබඳතා අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

යාපනය – පුන්කුඩුතිව් ප්‍රදේශයේ පදිංචිව සිට විදේශගත වූ  මෙම 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයා ඊසානදිග ස්විට්සර්ලන්තයේ සෙන් – ගැලන් ප්‍රදේශයේ පදිංචිව සිටි බව සඳහන්.

ඔහු නේවාසික බලපත්‍රයක් මත ස්විට්සර්ලන්තයේ පදිංචිව සිටි අයෙකු බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

Related posts

යුද හමුදාපතිට පැනවූ තහනමට ශ්‍රී ලංකා රජයෙන් විරෝධය

Mohamed Dilsad

ලංකාවේ ආර්ථිකය ගැන IMF අනතුරු අගවයි

Mohamed Dilsad

ගොඩනැගිල්ලක අභිරහස් මළ සිරුරක්

Mohamed Dilsad

Leave a Comment