ව්‍යාපාරික

පොහොර නිෂ්පාදනය හා ගොවීන් අතර බෙදා හැරීම අතවශ්‍ය කරුණක් කරයි

(UTV | කොළඹ) – ආහාර නිෂ්පාදනයට සහ ආහාර සුරක්ෂිතතාවයට පොහොර අතවශ්‍ය සාධකයක් බැවින් පොහොර නිෂ්පාදනය හා ගොවීන් අතර ඒවා  ආරක්ෂිතව බෙදා හැරීම  අතවශ්‍ය කාරණයක් ලෙස රජය ප්‍රකාශ කරයි.

එබැවින්  පොහොර  නිෂ්පාදනය කරන සමාගම් හා  බෙදාහරින සමාගම්  ඊට අදාළ කාර්යන් ඉටු කිරීමේදී සියල්ල සීමිත කාර්ය මණ්ඩලයක් යොදවා එම කටයුුතු සිදු කරන්නැයි  සියලුම  බලපත්‍රලාභි පොහොර සමාගම්වලට දැනුම් දී තිබේ.

ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා  ඇත.

කොරෝනා වයිරසය ව්‍යාප්තිය  වැළැක්වීම සඳහා  කැඳවා ගන්නා සේවක මණ්ඩලය සියලු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් පහසුකම් යටතේ කාර්යාල පවත්වා ගනිමින් සිදු කළ යුතු බව අදාළ නිවේදනයේ සඳහන්.

පොහොර අපනයනය රේගු නිෂ්කාෂණයන් හා වෙළඳ  අනුමැතීන් ඉල්ලුම් කරන අවස්ථාවේදී  විද්‍යුත් තැපෑල මගින් ඒවා කළ යුතුය.

එමෙන්ම  පොහොර  බෙදා හැරීම සඳහා  අදාාළ සමාගම් යටතේ ලියාපදිංචි ප්‍රාදේශීය නියොජිතවරුන් ගොවීන්ගේ පහසුව සඳහා එම මධ්‍යස්ථාන විවෘත කළ යුතුය. විද්‍යුත් තැපෑලෙන් යොමු කරන ලද දැන්වීම් එම පෙහොර වෙළෙඳසැල් හි අලවා  තැබිය යුතුය.

පොහොර ප්‍රවාහනයේදී  ප්‍රධාන වෙළඳපොළට එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ යොදා ගැනීමට හැකි අතර අදාල සමාගමේ නියෝජිත ලොරි හැරුණ විට වෙනත් ලොරි සදහා සුදුසු අවසරය ලබාගත යුතු අතර ඒ සඳහා  ජාතික පොහොර ලේකම් කාර්යාලයේ  දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් වෙත බලය පවරා ඇත.

 

Related posts

සහල් මිල යළි ඉහළට

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලය තුළ බැංකුවල තෝරාගත් ශාඛා විවෘතව තැබීමට අවසර

Mohamed Dilsad

ගෑස් මිලත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

Leave a Comment