දේශීයවිදෙස්

පැය 24කදී ඉතාලියෙන් මරණ 919ක් – ඇමරිකාවේ ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

(UTV | කොළඹ) –  ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත්ව තිබෙන , රටවල් 199 කට බලපා ඇති කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් ගතවු පැය 24 තුළ පුද්ගලයින් 3178 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉතාලිය තුළ පමණක් ඊයේ (27) දිනයේ දී මියගිය සංඛ්‍යාව 919ක් වෙයි. වෛරසය වාර්තා වීමෙන් පසු එක් දිනක් තුළ ඉතාලිය තුළ මියගිය වැඩිම සංඛාව ද මෙයයි.

එරට වෛද්‍යවරුන් 46ක් කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් ඇති අතර සෞඛ්‍ය සේවකයින් 6414 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බව වාර්තා වෙයි.

ඉතාලියේ කොරෝනා මුළු ආසාදිත සංඛ්‍යාව 86,500කට ආසන්න වන අතර එය දැන් චීනයේ ආසාදිත සංඛ්‍යාව අභිබවා යාම ද විශේෂත්වයක්.

අගමැති ජුසපේ කොන්ටි ප්‍රකාශ කළේ ඉතාලිය දරුණුතම ආර්ථික අවපාතයට මුහුණදීමේ අවදානමක් පවතින බවයි.

ඇමරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වන විට එක්ලක්ෂ එක්දහස් 657 දක්වා ඉහළ ගොස් ඇති අතර, එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 1581ක්.

ඒ අනුව කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්ම වූ ප්‍රථම රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.

Related posts

චිචීගේ රොකට්ටුව ගැන සුප්‍රීම් සැට් සමාගමෙන් නිවේදනයක්

Editor O

තවත් ආසාදිතයන් 7 දෙනෙක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

ජනපතිගෙන් විශේෂ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment