දේශීය

ඇදිරි නීතිය දමා කල කැපකිරීම් වතුරේ ගියා – සෞඛ්‍ය බලධාරීන්

(UTV |කොළඹ) -කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් මෙතෙක් දිනක් කළ කැප කිරීම් සියල්ල අවුල් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
ඊට හේතුව වී ඇත්තේ රජය ලබාදුන් උපදෙස් නොතකා ජනතාව මහ මගට පැමිණ ගමන් බිමන් යාමට පටන් ගැනීම හේතුවෙනි.

ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී මෙතෙක් ඉතිහාසයේ කිසිදා සිදු නොවූ පරිදි මාර්ගවල වාහන විශාල ලෙස ඊයේ දිනයේ ධාවනය කෙරුණි.

පොලිස් ඇඳිරි නීතිය එකේ පණවා ඇති මොහොතක ජනතාව සාමාන්‍ය නිවාඩු දිනයක මෙන් නිදහසේ මහ මග සැරිසරමින් කටයුතු කළේ කෙසේ දැයි යන්න පිළිබඳව සිතාගැනීමටත් නොහැකි බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

රටේ ජනතාව ආරක්ෂාව පිළිබඳ කිසි තැකීමක් නොකර සුපුරුදු පරිදි මාර්ගවලට පැමිණි සිටි බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

පසුගිය 19 දා සිට කලාප වශයෙන් ඇඳ රටපුරා ඇදිරි නීතිය පනවා මෙම වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීමට බලධාරීන් ගත් ක‍්‍රියාමාර්ග ඊයේ පෙරවරුවේ අවුල් වූ තත්ත්වයක් දක්නට ලැබුණු බවද ඔහු පැවසුවේය.

Related posts

හෙරොයින් ජාවාරමට වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට මරණ දඩුවම

Mohamed Dilsad

විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටළු විසඳීමට විශේෂ කමිටුවක්

Mohamed Dilsad

කෝප් කමිටුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment