දේශීය

කොරෝනා මර්ධනය කිරීමට මාතලේ ප්‍රාදේශීය සභාවෙන් ලක්ෂ 50 ක්

(UTV | කොළඹ) – මාතලේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල කොරෝනා වෛරසයේ මර්දන වැඩසටහන්  ක්‍රියාත්මක කිරීම සඳහා සහ ජනතාවට සහන සැලසීම සඳහා සභා අරමුදලෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක්  වෙන් කිරීමට සභාවේ සියලු මන්ත්‍රීවරුන් එකඟතාවය මත තීරණය කර ඇති බව සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතා පැවසීය.

සභාපතිවරයා කියා සිටියේ එම මුදල් නව කොරෝනා මර්දන කටයුතු සඳහා සහ ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන බවත් ඒ සදහා මහජන නියෝජිතයින් ලෙස සියලු දෙනා මේ මොහතේ කැපවි සිටින බවයි.

මෙම මුදල් වෙන් කිරීම සඳහා මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් වරයාගේ නිර්දේශය  සහ පළාත් ආණ්ඩුකාර තුමාගේ අනුමැතිය  ඉල්ලා ඇති  බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේය.

Related posts

ඊයේ පුද්ගලයින් 59,000කට කොරෝනා එන්නත්

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවෙන් පත් කළ ලංකා මිනරල් සෑන්ඩ් සභාපති නෙරපයි.

Editor O

ඩෙංගු මැඩලන්න ජනපතිගෙන් සහ අගමැතිගෙන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment