දේශීය

හින්දු දේවස්ථාන වලට හානි වූ පුවත අසත්‍යයක්

(UTV |කොළඹ ) – බුද්ධ ශාසන , සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය පවසන ආකාරයට මෙරට පිහිටි හින්දු ආගමික දේවස්ථාන කිහිපයකට හානි සිදුව ඇති බවට පළවන සමාජ මාධ්‍ය වාර්තා සම්පූර්ණ අසත්‍ය වේ.

මෙවැනි අසතක්‍ය ප්‍රචාරය සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එහි ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර පවසයි.

නල්ලුර් කන්ද ස්වාමි කොවිල , ත්‍රිකුණාමලය කෝනේස්වරම් කෝවිල හා රම්බොඩ අන්ජනෙයියර් කෝවිල යන හින්දු සිද්ධස්ථානවල ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් කිහිපයක් පළවී තිබුණේය.

ඒවා සම්පූර්ණ අසත්‍ය බවයි බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා අවධාරණය කර සිටියි.

Related posts

වසර 20 කට පසු වායු ගුණාත්මක අගය ඉහළ මට්ටමකට

Mohamed Dilsad

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

Mohamed Dilsad

බස්නාහිර පොලිස් නිලධාරීන් 260 දෙනෙක්ට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment