දේශීය

කොරෝනා පිලිබඳ නිල තොරතුරු පමණක් විශ්වාස කරන්නැයි ජනතාවගෙන් ඉල්ලිමක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිල වශයෙන් නිකුත් කරන තොරතුරු පමණක් විශ්වාස කරන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය ජනතාවට දැනුම් දී තිබේ.

එම කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොරෝනා වෛරස ව්‍යාප්තිය, රෝගීන් ගණන හා සුව වු තැනැත්තන් ගණන ආදි තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් හෝ කොරෝනා ‍මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් පමණක් නිල වශයෙන් නිවේදනය කරනු ලබන තොරතුරු විශ්වාස කරන ලෙසයි.

ව්‍යාජ තොරතුරු පැතර විම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස ද මහජනතාවට දැනුම් දී ඇත.

Related posts

සංශෝධිත දේශීය ආදායම් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Mohamed Dilsad

එ ජා මානව හිමිකම් මහ කොමසාරිස්ගෙන් මෙරට බලධාරීන්ට පණිවුඩයක්

Mohamed Dilsad

රට නව මඟකට ගැනීමේ වගකීම භාරගැනීමට ජාතික ජනබලවේගය සූදානම්

Mohamed Dilsad

Leave a Comment