දේශීය

අප්‍රේල් 3 වනදා සිට විශ්‍රාම වැටුප් හා මාසික වැඩිහිටි දිමනා නිවසටම

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය යටතේ විශ්‍රාමිකයින් හා වැඩිහිටියන් සඳහා  වැටුප් හා ගෙවිම් දිමනා  නිවෙස්වලටම ලබා දිමේ වැඩපිළිවෙලක් ලබන මස 3 වැනිදා සිට ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

එමෙන්ම රාජ්‍ය සේවකයින් සඳහා වාර්ෂික උත්සව අත්තිකාරම් දිමනාව ලබා දිමටත් , සමෘද්ධි පවුල් විසි තුන් ලක්ෂයකට මුලික දිමනාවක් වශයෙන් රුපියල් 5000 දිමනාවක්ද , අබාධිත දිමනාව නොලබන පොරෝත්තු ලේඛණයේ සිටින අබාධිත අයටද අදාළ දිමනාව ලබා දිමටත් ජනාධිපතිතුමාගේ  හා අග්‍රාමාත්‍යතුමාගේ අනුමැතිය හිමිවි තිබේ.

මේ බව අත්‍යාවශ්‍ය සේවාවන් පිළබදව ජනාධිපති කාර්ය සාධණ බලකාය ප්‍රධානි බැසිල් රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) අරලිය ගහ මන්දිරයේ පැවති රැස්විමේදි අනාවරණය විය.

 

Related posts

ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම උපරිමයෙන් ඉටු කරනවා – ජනපති

Mohamed Dilsad

ඩබල් කැබ් ගනුදෙනුවේ මහා බදු වංචාවක් …? – හිටපු ඇමති චම්පික රණවක

Editor O

කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක් ජලය නැහැ

Mohamed Dilsad

Leave a Comment