දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

(UTV |කොළඹ ) – තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළ ගොස්  තිබේ.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය ඊයේ(28) පස්වරුවේ වාර්තා වුණි.

මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ මියගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු දියවැඩියාව සහ අධික රුධිර පීඩනයෙන් ද පෙළුණු පුද්ගලයෙකු බවෙ සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

Related posts

පුත්‍රයාගේ ඉක්මන් කෝපයෙන් අවසන් ගමන් ගිය පියා

Mohamed Dilsad

රිෆ්කාන් බදියුදීන් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

මාතලේ නගරාධිපතිට ඇප [UPDATE]

Mohamed Dilsad

Leave a Comment