දේශීය

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් රැසක් යළි මෙරටට පැමිණීමට ඉල්ලයි

(UTV |කොළඹ ) – විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 17000කට වැඩි පිරිසක් විදේශ සබදතා අමාත්‍යාශය හඳුන්වා දුන් ” කන්ටැක්ට් ශ්‍රී ලංකා” අන්තර්ජාල සබඳතාව ඔස්සේ ලියාපදිංචි වී තිබේ.

පුද්ගලයින් 17,457 දෙනෙකු ඊයේ(28) දහවල් වන විට ලියාපදිංචි වී ඇති අතර ඔවුන්ගෙන් 6,773 දෙනෙකු මැදපෙරදිග කාලපයේ පුද්ගලයින් බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

පසුගිය 26 වැනිදා අසි.සී.ටි.ඒ.ආයතනය සමඟ එක්ව විදේශ අමාත්‍යාංශය මඟින් ලියාපදිංචිය සඳහා WWW.CONTACTSRILANKA.MFA.GOV.LK වෙබ් අඩවිය හඳුන්වා දී තිබුණි.

එම වෙබ් අඩවිය ඔස්සේ ලියාපදංචි වූ පුද්ගලයන් 700 දෙනෙකු යළි මෙරටට පැමිණීම සඳහා ඉල්ලුම් කර තිබේ.

එහෙත් රජයේ තීරණය වන්නේ වෛරසය පාලනය කරන තුරු විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් එම රටවලට ආරක්ෂිතව රැදී සිටිය යුතු බවයි.

රජය විසින් එම පිරිස්වලට අවශ්‍ය පහසුකම් තානාපති සහ මහකොමසාරිස් කාර්යාල හරහා ලබාදීමට සැලසුම් කර තිබේ.

Related posts

ගාස්තු රහිතව ඕනෑම දුරකථනයකින් නිවසේ සිට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව

Mohamed Dilsad

සමගි ජනබලවේගය ට එරෙහිව රනිල් – අනුර කරන රහස් ගනුදෙනුවක් ගැන සජිත් හෙළි කරයි.

Editor O

සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment