(UTV| කොළඹ) – කෙරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා නාවික හමුදාව මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ සහ ඔලුවිල් වරාය පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කළේය.
බුවනෙක නාවික හමුදා කඳවුරේ ගොඩනැගිලි හතරක් නිරෝධායන කටයුතු සඳහා මෙසේ සූදානම් කරනු ලැබුවේය.
මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුල පුද්ගලයින් 64 දෙනෙකු හට නිරෝධායන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දී ඇත.
මීට අමතරව ඔලුවිල් වරාය පරිශ්‍රයේ ද වරාය අධිකාරිය සතු ගොඩනැගිලි දෙකක් ප්‍රථිසංස්කරණය කර පුද්ගලයින් 80 දෙනෙකු සඳහා නිරෝධායන පහසුකම් ලබා දිය හැකි වන පරිදි නාවික හමුදාව කටයුතු කරනු ලැබුවේය.