දේශීයප්‍රමුඛ පුවත 1

තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලට යළිත් ඇඳිරි නීතිය

(UTV |කොළඹ ) – කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය මේවනවිට තාවකාලිකව ඉවත් කර තිබේ.

එම දිස්ත්‍රික්ක සඳහා අද (30) පස්වරු 02.00 සිට යළි ඇඳිරි නීතිය පැනවුවේය.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක 06 හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද උදෑසන 6.00 ට තාවකාලිකව ඉවත් කෙරුණේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සපයාගැනීම සඳහායි.

ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් වේ.

Related posts

ඇමති නාමල් රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

මාලදිවයිනේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 177 ක් මත්තලට

Mohamed Dilsad

නාකොටික් නිලධාරීන් තවදුරටත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment