දේශීය

මහජන පැමිණිලි සඳහා ජනාධිපති කාර්යාලය පැය 24 ම විවෘතයි

(UTV | කොළඹ) – ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මහජන පැමිණිලි සඳහා පැය 24 ම ක්‍රියාත්මකව පවතී.

ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මහජන පැමිණිලි දුරකථන මාර්ගයෙන් ලබා ගැනේ.

ඒ අනුව රජය දෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳව හෝ පැමිණිලි දුරකථන අංක011-4354550 / 0114354655   ඔස්සේ ඉදිරිපත් කළ හැකිය.

එම දුරකථන අංක ඔස්සේ සම්බන්ධවිය නොහැකි වුවහොත් ජනාධිපති කාර්යාලයේ ඝෘජු දුරකථන අංක, 0112354354 අමතා – දිගු අංක 3872/ 3873/ 3874/ 3875 ඔස්සේ සම්බන්ධ විය හැක.

කොරෝනා වෛරසය පැතිරයාම ආශ්‍රිත තොරතුරු දැනුම්දීම් සඳහා දුරකථන අංක0112860003 / 0112860004 විවෘතව තැබේ.

0112354354 අමතා දිගු අංක 3355 ඔස්සේ ද  තොරතුරු ඉදිරිපත් කළ හැක.

Related posts

ජනමත විචාරණයකින් තොරව මැතිවරණය කල්දාන්න බෑ – ජී එල්

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 227කට සුවයි

Mohamed Dilsad

කොරෝනා මර්දනයට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය

Mohamed Dilsad

1 comment

R.M.N.රත්නායක.සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව,වයඹ. May 10, 2021 at 8:37 am

ගරු ජනාධිපතිතුමනි,
10.05.2021,

වයඹ පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීයෙක්මි.මා අවුරුදු 16ක් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ලෙස සේවය කළ ඇත්තෙමි.2021ස්ථාන මාරු වීම්වල දී මා ඇතුළු නිලධාරීන් වෙනත් දෙපාර්තමේන්තුවලට මාරු කර ඇත.මේ හේතුවෙන් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය අඩු වනු ඇත.2021.05.17වන දින සිට මාරුවීම් ක්‍රියාත්මක කිරීමට වයඹ පළාත් ප්‍රධාන ලේකම්තුමා විසින් දැනුම් දී ඇත.මෙම කොවිඩ් වසන්ගත තත්වය යටතේ නව දෙපාර්තමේන්තුවක සේවය කිරීම අපහසු ය.ඉහත කරුණු සලකා බලා වයඹ පළාත් 2021 සන්වර්ධන නිලධාරීන්ගේ මාරු වීම් අත්හිටුවන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

Reply

Leave a Comment