දේශීය

රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ට ඇප

(UTV | කොළඹ) – රත්ගම ද්විත්ව ඝාතන නඩුවට අදාළව අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 17 දෙනා ඇප මත අද (30) මුදා හැර තිබේ.

ඒ ඊට අදාළ නඩුව දකුණු පළාත්බද, ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්. නිශ්ශංක හමුවේ කැදවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ එක් අයෙකු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි.

රත්ගම – රත්න උදාගම ප්‍රදේශයේ පදිංචිව සිටි අසේල මංජුල කුමාර සහ රසිත් චින්තක යන දෙදෙනා පසුගිය වසරේ ජනවාරි 23 වනදා පැහැර ගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමූ බවට මොවුන්ට එරෙහිව චෝදනාවයි.

Related posts

ලංකාව ගැන IMF වෙතින් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

සිංහරාජයට අයත් පරිවාර රක්ෂිතයකින් වසර 13,000 ක් පැරණි ඔප දැමූ බිම් ඇතුරුම් පාෂාණ හමුවෙයි

Editor O

20ට එරෙහි පෙත්සම් 39 වෙයි

Mohamed Dilsad

Leave a Comment