දේශීය

වයිබර් හා වට්ස්ඇප් නොමැති අයට ඖෂධ ලබාදෙන ආකාරය

(UTV | කොළඹ) –  රාජ්‍ය ඔසුසැල් වලට වයිබර් හා වට්ස්ඇප් හරහා ලැබෙන ඇනවුම් සදහා ඖෂධ නිකුත් කිරීම තැපැල් දෙපාර්තමේන්තුව හරහා මේ වනවිටත් සිදුකරනු ලබයි.

අද පෙරවරුවේ මේ සම්බන්ධයෙන් නිරික්ෂණය කිරීම සදහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණියේය.

මේ අතර ඖෂධ නිවෙස් වලටම බෙදාහැරීමේ වැඩසටහන යටතේ තංගල්ල මූලික රෝහලේ සායනිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඖෂධ ඊයේ ජංගම රථයක්ද යොද ගනිමින් නිවෙස් වලටම ගොස් ලබාදීමට එම රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගත්හ.

එමෙන්ම කොරෝනා ආසාදිතයින් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වූ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් මත සායනික ප්‍රතිකාර වලට පැමිණෙන ජනතාවගේ ඖෂධ තැපැල් මගින් සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් බෙදාහැරීම අද දිනයේදී ආරම්භ කරනු ලැබුවේය.

Related posts

සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණවලට “සමගි ජන සන්ධානයෙන්”

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පුළුල් සන්ධානයක් ගොඩනගනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

Editor O

දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන ආයතන 88කට ඇප තැන්පත් කරයි

Editor O

Leave a Comment