දේශීය

කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුවක් වසා දමයි

(UTV | කොළඹ) – කළුබෝවිල ශික්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට කොරෝනා ආසාදිත වී ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වීමත් සමග එම වාට්ටුව වසා දැමීමට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම රෝගියා මොරටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60 පමණ පුද්ගලයෙකි.

එම වාට්ටුවේ සේවය කල වෛද්‍ය වරු ඇතුලු කාර්යමණ්ඩලය මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ නේවාසිකාගාරයේ දින 14 නිරෝධායනයට ලක් කර එහි සිටි රෝගීන් හෝමගම මූලික රෝහලට යොමු කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

“ගුරුවරුන්ට 5000 දුන්නේ ඔන්ලයින් වියදමට” – අධ්‍යාපන ඇමති

Mohamed Dilsad

මෙතෙක් දිනයක වැඩිම PCR පරීක්ෂණ ඊයේ දිනයේදී

Mohamed Dilsad

ආචාර්යය පට්ටම ගැන අහන්න පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.

Editor O

Leave a Comment