දේශීය

ජල සම්පාදනය පිලිබඳ සියලු තොරතුර SMS පණිවිඩයකින්

(UTV | කොළඹ) – ජල සම්පාදනය පිළිබඳ හදිසි බිඳ වැටීම්, ජල බිල්පතේ තොරතුරු ඇතුළු සියලු තොරතුරු කෙටි පණිවිඩයක් ඔස්සේ ලබා ගැනීමට හැකි බව ‍ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.

ඒ අනුව ජල බිල්පතේ ගිණුම් අංකය SMS පණිවිඩයක් මඟින් 0719 399 999 අංකයට යොමු කිරීමෙන් එහි ලියාපදිංචි විය හැක.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් හඳුන්වා දී ඇති මෙම අවස්ථාවේ දී ජල කරාම විවෘතව නොතබන ලෙසත්, මේ මොහොතේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කර සැමට පානීය ජලය අඛණ්ඩව ලබා දීමට දායකත්වය ලබා දෙන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඉල්ලා සිටියි.

Related posts

නුවරඑළිය වලපනේ රික්ටර් මාපකයේ ඒකක 1.8 ක සුළු භූ චලනයක්

Mohamed Dilsad

ජනපති ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරයි

Mohamed Dilsad

ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ස්ථානමාරු කිරීම ගැන හිටපු ජනාධිපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

Editor O

Leave a Comment