දේශීය

රාජ්‍ය සේවක වැටුප මත ණය මුදල් අය කිරීම අත්හිටුවයි

(UTV |කොළඹ ) – ප්‍රකාශයට පත්කර ඇති සහන ක්‍රියාවලිය යටතේ රජයේ සේවකයන්ගේ වැටුප මත ණය මුදල් අය කිරීම, නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා තිබේ.

ගැබිනි මව්වරුන් සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා ලබාදෙන ත්‍රිපෝෂ සහ වෙනත් පෝෂණ ද්‍රව්‍ය නිවස්වලට සෘජුව සපයනු ඇත.

සියලු විශ්‍රාමිකයින්ට සාමාන්‍ය පරිදි විශ්‍රාම වැටුප් ගෙවන බව ද ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.

මේ යටතේ ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ, මෝටර් රථ ඇතුළු ස්වයං රැකියාලාභීන්ට කල් බදු වාරික සඳහා සහන සැලසෙනු ඇත.

ඊට අමතරව පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් සේවක වැටුප් ගෙවීමට නොහැකි පෞද්ගලික ව්‍යාපාරවලට ද සහන සලසන බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ජනතාවට අදාළ සහන ලබාදීම සිදු කෙරෙනු ඇත.

Related posts

විදුලි සංදේශ නියාමන කොමිෂමෙන් සමාජ මාධ්‍ය පණිවිඩ ගැන දැනුවත් කිරීමක්

Editor O

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩ යළි ඇරඹීමට පියවර

Mohamed Dilsad

හැරී සහ මේගන් රජ පවුලේ වගකීම් වලින් ඉවත් වේ

Mohamed Dilsad

Leave a Comment