දේශීය

කොරෝනා අරමුදලට රුපියල් කෝටි 14 ක ආධාර

(UTV | කොළඹ) – කෝවිඞ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් කෝටි 14 ක ආධාර ඒකරාශි වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ආයතන සහ පෞද්ගලික පරිත්‍යාගශීලීන් විශාල පිරිසක් අරමුදල ශක්තිමත් කිරීමට දායක වෙමින් සිටින බවයි.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඒ සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලක් මාර්තු මස 23 වනදා ස්ථාපනය කළේය.

ඒ සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් කෝටි 10 ක මුදලක් ප්‍රදානය කෙරුණි.

Related posts

රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Editor O

මේ දක්වා හමුවූ කොරෝනා ආසාදිතයන් අතර නාවික සෙබලුන් 226 ක්

Mohamed Dilsad

ඉන්දියාවේ මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුල්වීම තහනම් කරයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment