දේශීය

එජාපයේ මන්තී‍්‍රවරුන් පිරිසක් හෙට ජනපති හමුවෙයි

(UTV| කොළඹ) – කොරෝනා හේතුවෙන් රටේ උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් හෙට (01) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම සාකච්ඡාව හෙට (01) දහවල් 12.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරිමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් වන අර්ජුන රණතුංග, රවී කරුණානායක, රුවන් විජයවර්ධන, ලක්ෂ්මන් විජේමාන්න, දයා ගමගේ, නවීන් දිසානායක සහ පාලිත රංගේ බණ්ඩාර යන අය මෙම හමුව සදහා සහභාගී වීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

Related posts

ඩෑන් ප්‍රියසාද් රිමාන්ඩ්

Editor O

”ආචාර්යය පට්ටමක්” ගැන ප්‍රශ්න කරන්න පාර්ලිමේන්තු ප්‍රධානියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

Editor O

නාවික හමුදාවේ තවත් 7 කට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment