දේශීය

මහජන පැමිණිලි සඳහා පොලිස් මූලස්ථානයෙන් නව දුරකථන අංකයක්

(UTV | කොළඹ) – මහජනතාවට පොලිස් මුලස්ථානය වෙත පැමිණිලි ලබාදීම සඳහා නව දුරකථන අංකයක් හදුන්වා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත.

ඒ අනුව 1933 අංකයට මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර , 119 දුරකථන මධ්‍යස්ථානයට ද මෙම පැමිණිලි ඉදිරිපත් කළ හැක.

මෙම කාල සීමාව තුළ 119 දුරකථන මධ්‍යස්ථානයේ කොරෝනා වෛරසය වැලැක්විමේ අරමුණින් ලබා දෙනු ලබන පැමිණිලි සඳහා වැඩි අවධානයක් යොමු කරනු ලබන බවද පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

එලෙසම 119 දුරකථන මධ්‍යස්ථානයට යොමු කරනු ලබන ඇමතුම් කාර්ය බහුලවීම වැළැක්වීමට එම අංකයට යොමු වන ඇමතුම් සම්බන්ධතා ගණන වැඩි කිරීමටද කටයුතු කර තිබේ.

Related posts

කාර්යාල දුම්රිය කීපයක් අවලංගු කරයි

Mohamed Dilsad

පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය අනිද්දා සිට යළිත් විවෘතයි

Mohamed Dilsad

කෙසෙල්වත්තේ වෙඩිතැබීමක්

Mohamed Dilsad

Leave a Comment