(UTV |කොළඹ ) – ගත වු පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1015ක් අත්අඩංගුවට පත්ව තිබේ.
ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා කාලය දක්වා මෙම මෙහෙයුම සිදු කෙරුණි.
එම කාලයේ දී වාහන 254 ක් ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ මාර්තු 20 වන දින සිට අද දක්වා පුද්ගලයින් 9466 ක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සමස්ත වාහන සංඛ්‍යාව 2332 ක් බව ද පොලීසිය පවසයි.