දේශීය

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කළ කැබ් රථයක ගැටී දරුවෙක් මරුට

(UTV |කොළඹ ) – අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කළ කැබ් රථයක ගැටී උඩුදුම්බර පොලිස් වසමේ උඩුදුම්බර කලුගල මාර්ගයේ කිරිගං‍කුඹුර ප්‍රදේශයේ දී වයස අවුරුදු 12 දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ(01) පස්වරු 5 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

කලුගල දෙසට මෙම කැබ් රථය ධාවනය වී ඇති අතර මාර්ගයක ගමන් කළ දරුවා එහි ගැටී තිබේ.

බරපතළ තුවාල ලැබූ දරුවා උඩුදුම්බර රෝහල වෙත ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.

මියගිය දරුවා කිරිගංකුඹුර , උඩුදුම්බර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට පත්ව තිබේ.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ උඩුදුම්බර පොලීසිය පවත්වයි.

Related posts

ජනාධිපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

Editor O

විදේශ ශ්‍රමිකයින්ට දැනුම්දීමක්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ පාසල් ප්‍රතිඵල ලේඛන අද සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ

Mohamed Dilsad

Leave a Comment