දේශීය

අප්‍රේල් මාසයේ විශ්‍රාම වැටුප නිවසටම

(UTV |කොළඹ ) – මේ වන විටත් අප්‍රේල් මාසයේදී විශ්‍රාම වැටුප් ලබාගන්නා විශ්‍රාම වැටුප් හිමියන්ගේ විශ්‍රාම වැටුප නිවසටම ගෙනැවිත් භාරදීමේ වැඩපිළිවෙලක් තැපැල් දේපාර්තමේන්තුවේ කාර්වව මණ්ඩලය විසින් ආරම්භ කර ඇති බව තැපැල්ලති රංජිත් ආරියරත්න ප්‍රකාශ කරයි.

විශ්‍රාම වැටුප් හිමියන් රජය විසින් ලබාදෙන ප්‍රවාහන පහසුකම් උපයෝගී කර ගනිමින් තැපැල් කාර්යාල කරා පැමිණිමේ අවශ්‍යතාවක් නොමැති වේ.

තවද අප්‍රේල් මස 04වන දින වන විටත් තම විශ්‍රාම වැටුප නිවසටම නොලැබුණහොත් පමණක් ඒ සම්බන්ධව තමන් විශ්‍රාම වැටුප් ලබා ගන්නා තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපති වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන මෙන් තැපැල්පිතිවරයා විසින් තවදුරටත් දැනුම් දෙනු ලැබේ.

Related posts

සේවකයින්ගේ අවම වේතනය සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ලොව විශාලතම බහාලුම් නෞකාව කොළඹ වරායට

Mohamed Dilsad

අග්‍රාමාත‍්‍ය මාධ්‍ය ලේකම් ධූරයට රොහාන් වැලිවිට පත් කරයි

Mohamed Dilsad

Leave a Comment