ක්‍රීඩා

ඩක්වර්ත්- ලුවිස් න්‍යායේ නිර්මාතෘ ටෝනි ලුවිස් මිය යයි

(UTV |කොළඹ ) – ඩක්වර්ත්-ලුවිස් න්‍යාය නිර්මාණය කළ පුද්ගලයන් දෙදෙනාගෙන් කෙනෙකු වන ටෝනි ලුවිස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මියයන විට 78 වන වියේ පසුවිය.

සීමිත පන්දු වාර තරගවලදී වර්ෂාව ඇදවැටීම හේතුවෙන් තරගයට බාධා වන අවස්ථාවලදී ඩක්වර්ත්-ලුවිස් න්‍යාය භාවිතා වන අතර එනිසාම එය වැසි නීතිය ලෙස ද හැඳින්වේ.

ටෝනි ලුවිස්, ෆ්‍රෑන්ක් ඩක්වර්ත් සමග එක්ව මෙම න්‍යාය හඳුන්වා දුන් අතර 1999 වසරේ පටන් සීමිත ඕවර් තරග සඳහා එය භාවිතයට ගැනිණි.

ටෝනි ලුවිස්ගේ අභාවය සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සිය සංවේගය පළකර තිබේ .

Related posts

ඔස්ට්‍රේලියාවට ජය

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ලකුණු 275ක ඉලක්කයක්

Mohamed Dilsad

ඉන්දියා – නෙදර්ලන්ත තරගය අද

Mohamed Dilsad

Leave a Comment