දේශීය

කටාර්හි සේවය කල ශ්‍රී ලාංකික කාන්තාවක් මරුට

(UTV |කොළඹ ) – කටාර් රාජ්‍යයේ රැකියාවේ නිරතව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

විදෙස් මාධ්‍ය පැවසුවේ එරට අල්කෝර් නගරයේ නිවසක හටගත් ගින්නකින් කාන්තාව නවාතැන් ගෙනසිටි නේවාසිකාගාරය ගිනිබත් වී ඇති බවයි.

ජීවිතක්ෂයට පත්වූ කාන්තාව කාලයක සිට එරට සේවයේ නිරතව සිටි තැනැත්තියකි.

ගින්නට හසුවීමෙන් එහි රැඳී සිටි තවත් විදෙස් ජාතික ශ්‍රමික කාන්තාවන් තිදෙනෙකු ද මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට සැක කෙරේ.

එම නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු දිවි බේරාගැනීමට සමත්ව ඇති බවද වාර්තාවේ.

Related posts

ජනපති අද ජාතිය අමතයි

Mohamed Dilsad

රාජ්‍ය ආයතන 110කට පාර්ලිමේන්තුවේ දී සම්මාන

Mohamed Dilsad

මෙරට රන් මිල නොසිතූ ලෙස ඉහළට

Mohamed Dilsad

Leave a Comment