වරාය අධිකාරියේ ආනයන සහ අපනයන සේවා අඛණ්ඩව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ස්ථාපිත කර ඇති එම මැදිරිය වෙත වරාය සේවා සම්බන්ධ ගැටලු ඊට යොමු කල හැකිය.
රජය සඳහන් කළේ වරාය සේවා සම්බන්ධයෙන් 011 24 35 861, 011 24 82 478, 077 311 00 40 හෝ 071 65 70 773 යන අංක අමතා ඒ පිළිබඳව තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතින බවයි.
මීට අමතරව වරාය පිවිසුම් අවසර පත්‍රය, ඇඳිරි නීති අවසර පත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරය හිමි වෙයි.
පසුගිය වසර සඳහා නිකුත් කර ඇති වරාය පිවිසුම් අවසර පත්‍රය මෙම වසරේ මැයි 30 වනදා දක්වාද දිර්ඝ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන සහ ආරක්ෂක අංශ දැනුවත් කිරීමටද පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය දන්වා සිටින්නේ රේගුව විසින් නිදහස් කිරිමට දැනුම් දී ඇති සියලු කන්ටේනර් කඩිනමින් වරායෙන් නිදහස් කරගත යුතු බවයි.
වරාය රාජකාරී හා කන්ටේනර් ආනයන අපනයන කටයුතුවලදී ඇඳිරි නීති බලපත්‍ර ලබාගැනීම සඳහාද 011 59 78 708 සහ 011 59 78 738 යන දුරකතන අංක ඔස්සේ කරුණු විමසිය හැකියි.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සතු ආනයන සහ අපනයන සේවාවන් පිළිබඳව ගැටළු ඇත්නම් ඒ පිළිබඳව විමසීම සඳහා 071 44 58 476 සහ 0777 27 38 79 යන අංක ඇමතීමෙන් ඒ පිළිබඳව කරුණු විමසිය හැකි බව රජය දැනුම් දී තිබේ.