විදෙස්

කොරෝනා වෛරසය පැතිරීමේ දෙවන රැල්ලක් ගැන අනතුරු ඇගවීමක්

(UTV |චීනය) – මේ වන විට චීනයේ හුබෙයි පළාතේ කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කර තිබේ .

කෙසේ නමුත් හුබෙයි පළාතට සහ වූහාන් නගරයට පැමිණෙන සංචාරකයන්ගෙන් වයිරසය ව්‍යාප්ත වීමේ දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානමක් ඇති වී ඇතැයි චීන බලධාරීහු අනතුරු අඟවයි.

එබැවින් නිවෙස්වලට වී සිටින්නැයි ද ආරක්ෂිත ක්‍රියාමාර්ග ශක්තිමත් කරමින් විමසිල්ලෙන් සිටින්නැයි ද චීන බලධාරීහු වූහාන් නගර වැසියන්ට නියෝග කර ඇත.

සිකුරාදා දිනයේදී වූහාන් නගරයෙන් නව ආසාදිතයන් 31 දෙනකු සොයාගත් අතර ඉන් 29 දෙනකුම පිටතින් පැමිණි අය බව චීන බලධාරීහු පවසයි.

වයිරසය හේතුවෙන් සිකුරාදා දිනයේදී පමණක් වූහාන් නගරයෙන් 4 දෙනකු සොයාගත් බව ද ඔවුහු සඳහන් කරයි.

ආසාදිතයන්ගේ ගණන ක්‍රමයෙන් අඩුවීමත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමටත් හැකි වූ බව සඳහන් කරමින් එම නගරයට සහ එම නගරය අයත් හුබෙයි පළාතට පනවා තිබූ සීමා ඉවත් කිරීමට චීන බලධාරීහු මීට දින කිහිපයකට පෙර පියවර ගත්තේය.

Related posts

එක්සත් රාජධානිය සිනොෆාම් – සිනොවැක් එන්නත් පිළිගනියි

Mohamed Dilsad

න්‍යෂ්ටික වැඩපිළිවෙල ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැතිනිය පර්ලිමේන්තු ඡන්දය කල් දමයි .

Mohamed Dilsad

Leave a Comment