දේශීය

පොලිස් අණ නොතකා පළාගිය 4දෙනා රිමාන්ඞ්

(UTV |කොළඹ ) – පොලිස් අණ නොතකා පළායාමේදි පානදුරදී පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනාම රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

තුවාල නොලැබූ 4 වන සැකකරු සහ පානදුර රෝහලේ සිටින සැකකරුවන් දෙදෙනාද ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

එමෙන්ම කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සැකකරු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එගොඩඋයන පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන අතර මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පිරිසක් බව පොලිසිය සඳහන් කරයි.

Related posts

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා ඉවත් කරයි

Mohamed Dilsad

පාතාල නායක ‘කොස්ගොඩ තාරක’ පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

අදත් කොවිඩ් මරණ 05ක්[RELEASE]

Mohamed Dilsad

Leave a Comment