දේශීය

පුද්ගලික රෝහල් රජයට පවරා ගන්නැයි අන්තරයෙන් ඉල්ලීමක්

(UTV |කොළඹ ) – අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසන ආකාරයට කොරෝනා වෛරස අවදානම මැඩලීමට අදාල වැඩපිළිවෙල සාර්ථක වීමට නම් සියලු පෞද්ගලික රෝහල් රජයට පවරා ගෙන කොරෝනා රෝගය හඳුනාගැනීමේ පරීක්ෂණ , ප්‍රතිකාර කටයුතු හා නිරෝධායන කටයුතු සඳහා යොදාගත යුතු බවයි.

පෞද්ගලික අංශය සතුව පවතින විශාල ප්‍රමාණයේ රසායනාගාර රජය යටතට ගත යුතු බව ඔවුන්ගේ අදහසයි.

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොටසක් පමණක් නොව සම්පූර්ණ රෝහලම රජයට පවරා ගනිමින් එය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් ලෙස භාවිතයට ගැනීමත් කළ යුතු බවයි අදාල ලිපියේ දැක්වෙන්නේ

එහි කැදවුම්කරු රත්කරව්වේ ජිනානන්ද හිමි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් සදහන් කළේය.

සෞඛ්‍ය සේවය සඳහා වෙන් කරන ප්‍රතිපාදන ප්‍රමාණවත් පරිදි වැඩි කළ යුතු අතර රජයේ රෝහල් තුළ ඖෂධ, රසායනාගාර, වාට්ටු, හදිසි ප්‍රතිකාර ඒකක වැනි අත්‍යවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම කළ යුතු බවත් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ තවත් යෝජනා දෙකක් වේ.

ඒ සඳහා රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් නොමැති නම් පෞද්ගලික අංශ්‍ය සතුව පවතින ලාභයෙන් කොටසක් හදිසි අවශ්‍යතාවක් සේ සලකා රජය යටතට ගැනීම සිදු කළ යුතු බවද අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පෙන්වා දේ.

Related posts

චීනයේ විශේෂ දූත පිරිසක් සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

මාස 6 කට විදුලිය මිලදී ගැනීමට තීරණයක්

Mohamed Dilsad

උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ට

Editor O

Leave a Comment