විදෙස්

මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් චීනය විනාඩි 3 ක් නිහඞ වෙයි

(UTV | චීනය) – කොවිඩ් -19 වෛරසයෙන් මියගිය 3300 කට වැඩි පිරිසකට ගෞරව දැක්වීම සඳහා අද (04) ජාතික ශෝක දිනයක් ලෙස චීනය ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව චීන වැසියන් අද පෙරවරුවේ රට පුරා විනාඩි තුනක නිශ්ශබ්දතාවක් රැකීමට කටයුතු කළේය.

පසුගිය වසරේ අගභාගයේදී චීනයේ වූහාන් නුවරින් කොරෝනා වසංගතය ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත විය.

මේ වන විට එය මිලියනයකට අධික පිරිසකට ආසාදනය වී තිබෙන අතර පුද්ගලයන් 60,000 කට ආසන්න පිරිසක් නව කොරෝනා වෛරසයෙන් මියගොස් තිබේ.

Related posts

කුවේට්වලින් ශ්‍රී ලාංකිකයින් 62ක් පිටුවහල් කෙරේ

Mohamed Dilsad

ආදායම පහළ යාම නිසා රාජ්‍ය සේවකයින්ගේ වැටුප 25% කින් කපයි

Mohamed Dilsad

WhatsApp තහනම් වෙයි

Mohamed Dilsad

Leave a Comment