දේශීය

ඇඳිරි නීති කාලය තුළ ජල – විදුලි දෝෂ සඳහා විශේෂ සේවාවක් හෙට සිට

(UTV | කොළඹ) –  ඇඳිරි නීති කාලය තුල සිදුවන විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීම සදහා විශේෂ සේවාවක් හෙට (05) සිට ක්‍රියාත්මක කර ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය , ලංකා විදුලි පුද්ගලික සමාගම හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,ඒකාබද්ධව මෙම සේවාව ක්‍රියාවට නගයි.

දැනටමත් ක්‍රියාත්මක විදුලි සේවා බිදවැටුම් හා ජල සේවා බිදවැටුම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවාව හරහා පාරිභෝගික පරිශ්‍ර තුල පිහිටි අභ්‍යන්තර විදුලි හා ජල සේවා පද්ධතිවල වල දෝෂ අලුත්වැඩියා කර ගැනීම සදහා පාරිභෝගිකයින්ට එම ගැටළු ඉදිරිපත් කිරීමට මේ යටතේ පහසුකම් සළසා ඇත.

එම ගැටළුව මත පදනම්ව අභ්‍යන්තර දෝෂ නඩත්තුව සදහා ප්‍රෙද්ශයේ විදුලිකාර්මිකයෙකුගේ හෝ ජල නල කාර්මිකයෙකුගේ සහාය ලබාගැනීමට අදාල පාරිභෝගිකයාට පහසුකම් සලසනු ලැබේ.

ඒ අනුව තම ජලනල පද්ධතියේ ගැටළුවක් සිදු වු විට ජලනල කාර්මිකයෙකුගේ සේවාව ලබාගැනීම සදහා 1939 අංකය අමතා අදාල ගැටලුව ඉදිරිපත් කල හැකියි. ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි පාරිභෝගිකයෙකුගේ අභ්‍යන්තර විදුලි පද්ධතියෙහි දෝෂයක් ඇති වු විට 1987 ඇමතීමෙන්ද ලෙකො විදුලි පාරිභෝගිකයෙකුගේ අභ්‍යන්තර විදුලි පරිපථයෙහි දෝෂයක් ඇති වු විට 1910 අංකයද අමතා සහාය ලබාගත හැකියි.

ඊට අමතරව මෙම සේවාවට අදාල වැඩිදුර තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ දුරකතන අංක 0764271030 අමතන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා. එමෙන්ම විදුලිකාර්මිකයෙකුගේ හෝ ජලනල කාර්මිකයෙකුගේ සේවාව ලබාගත් පසු එම සේවාව පිළිබද පාරිභෝගිකයාගේ ප්‍රතිචාරයද අදාල අංක අමතා දන්වා සිටිය හැකි වේ.

ලියාපදිංචි විදුලිකාර්මිකයින් හා ජලනල කාර්මිකයින් විසින් අනුමත සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් හා ඇදිරි නීති කාලය තුල අනුගමනය කල යුතු මාර්ගෝපදේශ වලට අනුකූලව මෙම සේවාව සලසනු ඇත. ආරම්භයේදී දැනට ඇදිරි නීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ හා කළුතර යන දිස්ත්‍රික්ක සදහා මෙම විශේෂ සේවාව ක්‍රියාත්මක කරනු ලැබේ.

අවශ්‍යතාවය අනුව අනෙකුත් දිස්ත්‍රික්ක සදහා ද මෙම විශේෂ තාක්ෂණික සහාය සේවාව ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරයි.

Related posts

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 237 දක්වා ඉහළට

Mohamed Dilsad

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, හිටපු ජනාධිපති රනිල් සහ විපක්ෂ නායක සජිත් හමුවෙති.

Editor O

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ මොරටුව නගර සභා සේවකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment