දේශීය

චීන සමාගම් දෙකකින් මෙරටට පරිත්‍යාගයක්

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ඉදිකිරීම් සමාගමක් සහ චීන සංචාරක ප්‍රවර්ධන සමාගමක් විසින් අද (04) දින පෙරවරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ සහ වරාය වල සේවයේ නියුතු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ භාවිතය සඳහා මුඛ සහ අත් ආවරණ තොගයක් පරිත්‍යාගය කර තිබේ.

මෙම මුඛ ආවරණ සහ අත් ආවරණ ෂැන්ග් හයියාටයි ඉදිකිරීම් සමාගමේ (Shang HaiyataiConstruction)සාමාන්‍යාධිකාරී වෑන් ගුවෝ ජුන් සහ හැපි ටුවර් සමාගමේ ( Happy Tour Travel)සභාපතිනිය වන ලියු ටින්ග් ටින්ග් විසින් ප්‍රධාන ආගමන විගමන නිලධාරී ඩී.එස්.ඒ.දෙහිවත්ත වෙත භාර දී තිබේ.

මෙම උපකරණ ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන් තොටුපළ වල සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බෙදාදීමට නියමිතය.

Related posts

රටවල් 6ක සිට දිවයිනට පැමිණෙන අයට පනවා තිබූ තහනම කොන්දේසි මත ඉවත් කෙරේ

Mohamed Dilsad

බස්නාහිරට ඇතුළුවන හා පිටවන ස්ථාන 14ක විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

සමේ රෝග වාර්තාවීම් ඉහළ ට

Mohamed Dilsad

Leave a Comment